පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Sunday, 18 July 2021 - 14:37

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද දිනයේදී ඉන්දියාව වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් සහ ඉෂාන් කිෂාන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂට අද දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමි වුණා.

අද තරඟයට එක්වන කණ්ඩායම් දෙක පහතින්..

අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්.

ශිකර් ධවාන්, ප්‍රීතිව් ෂෝ, ඉෂන් කිශාන්, මනිෂ් පාණ්ඩි, සූර්යකුමාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, කුනල් පාණ්ඩ්‍යා, දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, යුෂ්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්