හෙට තරඟයේ වෙනස්කම්

Monday, 19 July 2021 - 20:41

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ලහිරු කුමාර හෝ කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් වෙනුවට නව්දීප් සයිනි ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එක්දින තරඟ 10න් 9ක්ම පරාජයට පත්ව තිබෙනවා.