ඉන්දු - ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟය අද

Tuesday, 20 July 2021 - 8:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට එකට බින්දුවක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් පසුවනවා.

මේ අතර, දෙරට අතර පෙරේදා පැවති පළමු එක්දින තරඟය විශ්වවිද්‍යාල කණ්ඩායමක් සහ පාසල් කණ්ඩායමක් සිදුකළ ක්‍රිකට් තරඟයක් ලෙස තමාට දැණුනු බව පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයෙකු වන රමීස් රාජා ප්‍රකාශ කළා.

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ක්‍රීඩා නොකිරීම අපහාසයක් සේ සැලකුව ද ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමට හෝ ශ්‍රී ලංකා පිළට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.