ඔස්ට්‍රේලියාවට ලකුණු 133 ක ජයක්

Wednesday, 21 July 2021 - 13:02

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+133+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 133 කින් ජයගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දු වාර 49 ක් තුළදී කඩුලු 9 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 252 ක්.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 26 යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණයි.

ඕස්ට්‍රේලියාවේ  මිචෙල් ස්ටාක් මෙහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු පහක් බිඳ හෙලනු ලැබුවා.