2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට

Wednesday, 21 July 2021 - 16:50

2032+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන සත්කාරක රට බවට පත්වීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

ඒ අනුව 2032 ඔලිම්පික් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැත්වෙනු ඇති.

ජපානයේ ටෝකියෝ නුවරදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පැවැත්වූ ඡන්ද විමසීමේදීයි ඔස්ට්‍රේලියාවට මෙම අවස්ථාව හිමිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට ඔලිම්පික් තරගාවලියක් පැවැත්වීමට අවස්ථාව හිමිවූ තුන්වන අවස්ථාව මෙයයි.

මීට පෙර 1956 වසරේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී ඔලිම්පික් තරගාවලියක් පැවති අතර 2000 වසරේදී සිඩ්නි නුවරදී ඔලිම්පික් තරගාවලියක් පවත්වනු ලැබුවා.

2032 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට වැය වෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක්.