ඉන්දියාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි

Thursday, 22 July 2021 - 7:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟ 05කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟ දෙක සඳහා සහභාගිවන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට් ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

මංගල තරඟයේදී නවසීිලන්තයට එරෙහිව කඩුළු 07ක් දවා ගැනීමෙන් පසු තරඟ තහනමකට ලක්වු ඔලී රොබින්සන් ද මෙම සංචිතයට නම් කර ඇති අතර, දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන මස 04 වනදා ටේ‍රන්ට් බි්‍රජ් හිදී ආරම්භ වීමට නියමිතයි.