චාමරගේ ඔලිම්පික් ජූඩෝ ඉසව්වේ ප්‍රතිවාදියාට ජය

Monday, 26 July 2021 - 13:17

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%96%E0%B6%A9%E0%B7%9D+%E0%B6%89%E0%B7%83%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන අද සහභාගි වූ තරගයේදී ජය හිමිවූයේ ප්‍රතිවාදී ක්‍රීඩකයාටයි.

කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරග වදින චාමර අභිබවා ජිබුටි රාජ්‍යයේ ක්‍රීඩක ආඩෙම් ඇලෙක්සැන්ඩර් හුසේන් මෙලෙස ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ ලකුණු 10 ට බින්දුවක් ලෙසින්.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද පස්වරුවේ අයර්ලන්ත ක්‍රීඩක නාට් ගුවෙන් සමග මූලික වටයේ තවත් තරගයකට සහභාගි වීමට නියමිතයි.

මේ අතර, ඔලිම්පික් සත් සාමාජික රග්බි කිරුළ රැක ගැනීමට තරගවැද සිටින ෆීජි පිල සත්කාරක ජපානය පරදවා වාර්තා කර ඇත්තේ ලකුණු 24 ට 19 ක තියුණු ජයක්.

එහිදී ජපානය වෙනුවෙන් ලකුණු රැස් කර ඇත්තේ ෆීජි රාජ්‍යයේ උපත ලබා ජපානයේ පුරවැසිභාවය ලබා ගත් ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් වීම විශේෂත්වයක්.

එමෙන්ම, ජපාන ටෙනිස් ක්‍රීඩිකා නඕමි ඔසාකා ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක පරදවමින් තුන්වන වටයට පිවිසීමට අද සමත් වුණා.

මේ අතර, ඔලිම්පික් තරඟවලදී අඛන්ඩව තරග 25 ක් ජයගෙන ඇති ඇමෙරිකානු පැසි පන්දු පිල පරදවා ලකුණු 83 ට 76 ක ජයග්‍රහණයක් ලැබීමට ප්‍රංශය සමත් වී තිබෙනවා.