මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමේ

Tuesday, 27 July 2021 - 12:44

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
ටෝකියේ 2020 ඔලිම්පික් උළලේදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අද තරග බිමට පිවිසෙනවා.

ඒ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහයි.

මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ 4 වන තරගය සඳහා ඔහු සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 3 යි 39 ටයි.

මැතිව් අබේසිංහ ඔලිම්පික් මීටර් 100 නිදහස් ආර ඉසව්වට සුදුසුකම් ලැබූයේ තත්ත්පර 50 යි දශම 3යි 1 ක් වාර්තා කරමින්.

එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තත්ත්පර 47 යි දශම බින්දුවයි 5 ක් වන අතර, ලෝක වාර්තාව තත්ත්පර 46 යි දශම 9 යි 1 ක්.