ඉන්දීය ක්‍රීඩක කුර්නාල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයන් අද තරගයට සහභාගිවීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ

Wednesday, 28 July 2021 - 13:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොරෝනා ආසාදනය වූ ඉන්දීය ක්‍රීඩක කුර්නාල් පාණ්ඩ්‍යා ගේ ආශ්‍රිතයන් අතර සිටි ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගි වන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව එම ජෛව බුබුළ අධීක්ෂණය කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

කෙසේ නමුත්, පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයන් 8 දෙනාටම කොරෝනා ආසාදනය වී නොමැති බව ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් තහවුරු වුණා.

ඔවුන් මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් වෙන් කර සිටින අතර, අද තරගයට සහභාගි වන්නේ ද යන්න අද පස්වරුවේ තීරණය කරනු ඇති.

ඉන්දීය ක්‍රීඩකයාගේ ආසාදනය හේතුවෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරගය අද දිනට කල් තැබුණු අතර තුන්වන තරගය ද හෙට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.