ඇමෙරිකානු ජිම්නාස්ටික් ශූරිය සිමොන් බයිල්ස් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වෙයි

Wednesday, 28 July 2021 - 14:01

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඔලිම්පික් ජිම්නාස්ටික් රන් පදක්කම් 4 ක් දිනූ ඇමෙරිකානු කළු ජාතික ජිම්නාස්ටික් ශූරිය සිමොන් බයිල්ස් ටෝකියෝ ඔලිම්පික් උළලේ කාන්තා ඒකල අංශයේ අවසන් වටයෙන් ඉවත් වී තිබෙනවා.

එම තරග හෙට දිනයේ පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ඊට පෙර ඇය ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායම් අවසන් තරගයෙන් ද ඉවත් වුණා. ඒ තම මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීම සඳහා බවයි සිමොන් බයිල්ස් කියා සිටියේ.

24 හැවිරිදි ජිම්නාස්ටික් ශූරිය කාන්තා ඒකල අංශයේ අවසන් තරග 5 සඳහාම සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පස්වන දිනය වන අද රන් පදක්කම් 23 ක් සඳහා තරග පැවැත්වෙනවා.