බ්‍රසීල - ආර්ජන්ටිනා පාපන්දු තරගයක් අත්හැර දමයි

Monday, 06 September 2021 - 12:55

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+-+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
කොරෝනා නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට ක්‍රීඩකයින් 03 දෙනෙකුට එල්ල වූ චෝදනා මැද බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගය අත්හැර දමා තිබෙනවා.

බ්‍රසීලයේ සාඕ-පෝලෝ නුවර දී ඊයේ මෙම තරගය පැවැත්වීමට නියමිත ව තිබූ අතර, තරගය අත්හිටුවා ඇත්තේ එය ආරම්භවීමට විනාඩි කිහිපයක් තිබියදි යි.

නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට ආර්ජන්ටිනා ක්‍රීඩකයින් 03 දෙනෙකුට බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් චෝදනා කර ඇති අතර, විනිසුරුවන් පැමිණ තරගය අත්හිටුවීමත් සමඟ ප්‍රතිවාදී ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් ව ගොස් තිබෙනවා.

එංගලන්ත ප්‍රීමියර් ලීග් තරහගාවලියට සහභාගි වන ආර්ජන්ටිනා ක්‍රීඩකයින් බ්‍රසීලයේදී නිරෝධායනයට ලක් නො වීම මෙම ගැටලුවට හේතුව බව සඳහන්.

තරගය නැවත පවත්වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.