දස්කම් දැක්වූ කිහිප දෙනෙකු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Wednesday, 08 September 2021 - 20:23

%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු අයි.සී.සී එක්දින දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු එහිදී ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ එක්දින පිතිකරු දර්ශකයේ 41 වන ස්ථානය හිමිකර ගත්තා.  

තරඟාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක 66 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 122ක් ඉදිරියට පැමිණමින්. වනිඳු හසරංග එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණ එහි 32 වන ස්ථානය හිමිකර ගත්තා.

දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිී ජයග්‍රහණයක් වාර්තා කල ශ්‍රී ලංකා පිල අයි.සී.සී සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පැමිණියේ 2023 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාවට ලං වෙමින්.