බංග්ලාදේශය, නවසීලන්තයට එරෙහි ප්‍රථම විස්සයි විස්ස තරගාවලි ජය වාර්තා කරයි

Thursday, 09 September 2021 - 7:15

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%2C+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නවසීලන්තයට එරෙහි ව ප්‍රථම විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා.

ඒ, ඩකා නුවර පැවති 04 වැනි විස්සයි විස්ස තරඟය කඩුළු 06කින් ජයග්‍රහණය කරමින්.

නවසීලන්ත පිල ලකුණු 93කට දවාලූ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 19යි එක් පන්දුවක දී කඩුලු 04ක් දැවී ලකුණු 96ක් ලබමින් තරගය ජය හිමිකර ගත්තා.

ඒ අනුව තරග 05කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ බංග්ලාදේශ පිල 3ට 1ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

මෙය බංග්ලාදේශ පිල පසුගිය මාස 03 තුළ ලද 03 වන තරගාවලි ජයයි.

ජූලි මාසයේ සිම්බාබ්වේ පිල 2ට 1ක් ලෙස පරාජය කළ බංග්ලාදේශ විස්සයි විස්ස පිල අගෝස්තු මාසයේ දී ඕස්ටේ්‍රලියානු පිල ද 4ට 1ක් ලෙස පරාජයට පත් කළා.