ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

Thursday, 09 September 2021 - 12:58

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිලේ උප නායකයා වන්නේ රෝහිත් ශර්මා.

2017 වසරෙන් පසු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නොමැති රවිචන්ද්‍රන් අශ්වින් ද මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය සිමීත පන්දුවාර කණ්ඩායමේ නායක ෂිකර් ධවාන් ඉන්දියාවේ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නො වීම විශේෂත්වයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ලබන ඔක්තෝම්බර් 17 වැනි දා සිට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වෙන ඉන්දීය පිලේ උපදේශකයෙකු ලෙස හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ද නම්කර තිබෙනවා.

ඉන්දියාව ඇතුළත් සුපර් ලීග් වටයේ දෙවන කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය මෙන්ම පාකිස්තානය ද ඇතුළත්.

තවත් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසු එම කාණ්ඩයට එක්වනු ඇති.

ශ්‍රී ලංකාව ද මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි විය යුතුයි.