අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් අවසන් තරගයට යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

Saturday, 11 September 2021 - 13:40

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගය අද නිව්යෝක් නුවර දී පැවැත්වෙනවා.

මෙවර අවසන් තරගය සඳහා නව යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

එහි දී 18 හැවිරිදි එමා රෙඩුකානෝ තරග වදින්නේ වසර 44කට පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් ජයග්‍රහණය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය කත වීමේ අදිටනින්.

රුමේනියානු පියෙකුට සහ චීන මවකට දාව කැනඩාවේ උපත ලද රෙඩුකානෝ අමෙරිකානු විවෘත තරගාවලිය ආරම්භ වීමට පෙර කාන්තා ටෙනිස් සම්මේලනය මඟින් වර්ගීකරණය කර තිබුණේ 150 වැනි ස්ථානයට යි.

එමා රෙඩුකානෝ සමඟ අවසන් තරගයට එක්වෙන ජලෙයිලා ෆර්නැන්ඩස් කැනඩාව නියෝජනය කරන අතර, මෙම තරගාවලියට පෙර ලොව කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන් අතර 73 වැනි ස්ථානයට නම් කර තිබුණා.

ඇයගේ පියා ඉක්වදෝරයේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වන අතර, මව පිලිපීන සම්භවයක් සහිත කැනේඩියානු කාන්තාවක්.

මේ අතර, අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් සමත් වුණා.

ඔහු හෙට පැවැත්වෙන අවසන් තරගයේ දී මුහුණ දෙන්නේ රුසියානු ක්‍රීඩක ඩැනිල් මෙද්වදෙව්ට යි.