ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට ක්‍රීඩාවට අවසර ලැබෙන ලකුණු

Saturday, 11 September 2021 - 14:50

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නො යෙදිය යුතු බවට ප්‍රකාශ කළ ද ඔවුන්ට තවදුරටත් ඒ සඳහා අවස්ථාව පවතින බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා.

ඕස්ටේ්‍රලියානු ගුවන් විදුලි ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අසිසුල්ලා ෆස්ලි කියා සිටියේ, එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනා ම තවදුරටත් සිය රට තුළ රැඳී සිටින අතර, ඔවුන් රටින් නික්ම යෑමට උත්සාහ නො කළ බවයි.

ඕස්ටේ්‍රලියානු එස්.බී.එස්. ගුවන් විදුලි සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අදාළ ක්‍රියාවලිය නුදුරේදී ම ප්‍රකාශයට පත්කරන බවයි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානියා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඕස්ටේ්‍රලියාව, ඇෆ්ගනිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රථම ක්‍රිකට් තරගය අවලංගු කරන බවට ප්‍රකාශයක් කර තිබියදි යි.

කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩාවට අවස්ථාවක් ලබා නො දුනහොත් ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මෙම තරගය අවලංගු කිරීමට අදහස් කරන බව ක්‍රිකට් ඕස්ටේ්‍රලියා ආයතනය ප්‍රකාශ කර තිබුණා.