එංගලන්තයත් පාකිස්ථානයට යන්න බෑ කියයි

Monday, 20 September 2021 - 23:05

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආරක්ෂක හේතූන් මත එංගලන්ත පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා යෙදී තිබූ පාකිස්ථානයේ තරග සංචාර අවලංගු කිරීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර තරගාවලි සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණ සිටි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ද එක්දින තරඟාවලිය අරම්භ වීමට නියමිතව තිබූ දිනයේදීම ආරක්ෂක හේතූන් මුල් කරගනිමින් පාකිස්ථානයෙන් පිටව ගියා.