බැංගලෝර් පිල පරදියි - වනිඳුට දස්කම් දැක්වීමට නොහැකි වෙයි

Tuesday, 21 September 2021 - 8:55

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරදවා කඩුලු 09ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත් වුණා.

අබුඩාබිහි දී පැවති එම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් පිලට පන්දුවාර 19ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි.

දෙව්දුත් පඩික්කාල් එහි දී ලකුණු 22ක් ලැබූ අතර, අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු විස්සේ සීමාවට ළඟා වීමට හැකි වූයේ නැහැ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී.ඩිවිලියර්ස් මෙන්ම සිය ප්‍රථම අයි.පී.එල්. තරගයට සහභාගි වූ වනිඳු හසරංග ද ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යැවීමට කොල්කටා පන්දු යවන්නන් සමත් වුණා.

කොල්කටා පිල පන්දුවාර දහයක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 94ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

එහි දී කයිල් ජේමිසං, යුස්වේන්දර් චහාර් මෙන්ම වනිඳු හසරංග යැවූ පන්දුවාර දෙකට ද ලකුණු විස්සකට වඩා රැස් කිරීමට කොල්කටා පිතිකරුවන්ට හැකි වුණා.

මෙම තරගයෙන් පරාජය වූව ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අයි.පී.එල්. ලකුණු සටහනේ 03 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.