එංගලන්තයත් පාකිස්තාන ක්‍රිකට් සංචාරය අවලංගු කරයි

Tuesday, 21 September 2021 - 10:17

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලබන මාසයේ යෙදීමට නියමිත ව තිබූ සිය පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පාකිස්තාන සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා නවසීලන්ත ක්‍රිකට් පිල පාකිස්තාන සංචාරය අවලංගු කර සිය රට බලා ගියේ, පළමු එක්දින තරගය ආරම්භවීමට පැය කිහිපයක් තිබියදී යි.

ආරක්ෂක අවදානම පිළිබඳ විශ්වාසදායක තොරතුරු මත සංචාරය අවලංගු කරන බව ප්‍රකාශ කළ ද නවසීලන්තය ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කළේ නැහැ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්ත ක්‍රිකට් පිල පාකිස්තානයේ දී විස්සයි විස්ස තරග දෙකකට සහභාගි වීමට නියමිත ව තිබූ අතර, කාන්තා ක්‍රිකට් පිල එක්දින ජාත්‍යන්තර තරග 03කට සහභාගි වීමට නියමිත ව තිබුණා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ, කොවිඩ් වසංගතය හමුවේ පවතින සීමාවන්ට අමතර ව කලාපය වෙත සංචාරය කිරීමේ අවදානම ඉහළ යාම හේතුවෙන් පාකිස්තාන සංචාරය අවලංගු කරන බවයි.