දික්වැල්ල,කුසල් සහ ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් තීරණය

Tuesday, 21 September 2021 - 17:50

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%2C%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව බුබුලෙන් මිදී එංගලන්තයේ දරම් නගරයේ රාත්‍රියේ සැරිසරා තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලක තිදෙනාට දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාට අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය තුළ දී නැවතත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට එක් වීමට අවසර ලැබෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් දියත් වෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම කාරණය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින නමුත් මෙම ක්‍රීඩකයින් තිදෙනාට දේශීය තරගාවලි සඳහා එක්වීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මේ අතර මෙතෙක් කලක්  සී සී සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කුසල් මෙන්ඩිස් එළඹෙන දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.