ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

Thursday, 30 September 2021 - 13:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටවල් 102ක සහභාගීත්වයෙන් නෝර්වේ හි පැවැත්වෙන ලෝක ශූරතා මල්ලව පොර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය අවසන් මොහොත වන තෙක් අවිනිශ්චිත වී තිබුණේ රට තුළ මතුව තිබෙන ඩොලර් අර්බුදය හේතුවෙන් ක්‍රීඩකයින්ට මුදල් ගෙවීමේ ගැටලුවක් පැන නැගීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවක්ද ඇතුළත් වන අතර, දිවයිනෙන් නික්මීමට පෙර කටුනායක ගුවන් තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ ක්‍රීඩා බලධාරීන්ට චෝදනාවක්ද එල්ල කළා.