චෙන්නායි සුපර් කිංග්ස් අවසන් කණ්ඩායම් 4 අතරට

Friday, 01 October 2021 - 7:58

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+4+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ අවසන් කණ්ඩායම් 4 අතරට එක්වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි ඊයේ පැවති තරගයේ දී කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

සාජාහි පැවති 44 වන තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක එම්.එස්. දෝනි පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 134ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසු කර ගියේ පන්දු වාර 19යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී තිබියදි යි.