ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය හෙට

Wednesday, 06 October 2021 - 19:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මස්කට් නුවරදී හෙට පැවැත්වෙනවා. කණ්ඩායම් දෙක අතර දෙවන තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිල ඕමානයේ සංචාරයක නිරත වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසින්. ශ්‍රී ලංකා පිල මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ද සහභාගි විය යුතුයි.

එහිදී ශ්‍රී ලංකාව ලබන 18 වනදා නැමීබියාව සමග තරග වදින අතර, 20 වනදා අයර්ලන්තය සමගත්, 22 වනදා නෙදර්ලන්තය සමගත් තරග වදිනවා.