දසුන් සහ අවිශ්ක බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනී - ඕමානයට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්

Thursday, 07 October 2021 - 17:54

%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+163%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන් පළමු පන්දු වාර විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුළු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක, පන්දු 24කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්. අවිශ්කගේ ලකුණු 83ට 6 පහර පහක් සහ 4 පහර තුනක් අන්තර්ගත වූ අතර දසුන් ශානක සිය ළකුණු 51ට 6 පහර පහක් සහ 4පහර දෙකක් ඇතුළත්.

පන්දු යැවීමේදී ෆයාස් අහමඩ් ලකුණු 42කට කඩුළු දෙකක් දවාගත්තා. ලකුණු 51කට කඩුළු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරූ අඩියකට වැටී සිටියදී අවිශ්ක සහ දසුන් ශානක අතරේ පස්වන කඩුල්ල සඳහා ළකුණු 111ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩ නැඟුණේ පන්දු ඕවර 9යි පන්දු 2ක් තුළදීයි.