සාෆ් පාපන්දු ශූරතා තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙයි

Thursday, 07 October 2021 - 22:39

%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සාෆ් පාපන්දු ශූරතා තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද මාලදිවයින් ජාතික ක්‍රීඩාංගනයේදී පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 205 වන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල 107 වන ස්ථානයේ රැඳී සිටින ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේ දී නොසිතූ විරූ ආකාරයේ අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම විශේෂ සිදුවීමක්.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතුරින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එකදු තරගයක් හෝ ජය ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

සාෆ් පාපන්දු ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින්නේ ප්‍රසාද ලකුණු හයක් රැස්කරගෙන සිටින නේපාලයයි.

දෙවන ස්ථානයේ ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන බංග්ලාදේශ රැඳී සිටින අතර ඉන්දීය කණ්ඩායම මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.