කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙයි

Friday, 08 October 2021 - 13:09

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන වසරේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍රීඩිකාවන් 3 දෙනෙකු ද ඇතුළත්.

වේගපන්දු යවන අතර ආරම්භක පිතිකාරිනියක ලෙස කටයුතු කරන 16 හැවිරිදි විශ්මි ගුණරත්න, 19 හැවිරිදි ඉමේෂා දුලානි සහ 19 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩිකා සචිනි නිසංසලා එම නවක ක්‍රීඩිකාවන් තිදෙනායි.

අනෙක් ක්‍රීඩිකාවන් සියලු දෙනාම පළපුරුදු ක්‍රීඩිකාවන් වන අතර, දැන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින ශෂිකලා සිරිවර්ධන පමණක් සංචිතයේ නොමැති ක්‍රිඩිකාවක ලෙස කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තරගාවලියට සහභාගි වන්නේ ලබන මාසයේදීයි.

එම තරගාවලිය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරට කල් දමනු ලැබුවා.