T20 ලෝක කුසලානයේදී ප්‍රථම වරට DRS ක්‍රමවේදය

Sunday, 10 October 2021 - 14:03

T20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+DRS+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රථම වරට ඩී.ආර්.එස් හෙවත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කළා.

ඒ අනුව, සෑම කණ්ඩායමකටම ඉනිමකදී විනිසුරු තීරණ අභියෝග කිරීමට අවස්ථා දෙකක් හිමිවනු ඇති.

එමෙන්ම, වර්ෂාවෙන් බාධා පැමිණෙන තරගයක ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට විසඳුම ලබාදීම සඳහා තරග කළ යුතු පන්දුවාර සංඛ්‍යාව ද සංශෝධනය කර තිබෙනවා.

ඒ සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක අවම වශයෙන් පන්දුවාර 5 කට මුහුණදිය යුතු වුවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිට ඒ සඳහා අවම වශයෙන් මුහුණදිය යුතු පන්දුවාර සංඛ්‍යාව 10ක්.

මේ අතර, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් වල සංශෝධිත ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිත ලබාදීමේ අවසන් දිනය අදයි.

ඒ සඳහා ශ්‍රී ලංකා සංශෝධිත කණ්ඩායම ඊයේ වනතුරු භාරදී නොතිබූ අතර අද දිනය තුල ලබාදෙනු ඇතැයි අපේක්ෂිතයි.