විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඩොලර් දහසය ලක්ෂයක්

Sunday, 10 October 2021 - 16:11

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව, ජයග්‍රාහී පිලට ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 6 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර එය රුපියල් තිස් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක්.

අනුශූරයන්ට ඩොලර් අට ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවන අතර, අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙකට ද ඩොලර් හාර ලක්ෂය බැගින් ත්‍යාග මුදල් හිමිවනවා.

තරගාවලිය සඳහා ඩොලර් මිලියන 5 යි දශම 6 ක් වෙන් කර ඇති අතර එය සහභාගි වන කණ්ඩායම් 16 අතරේ බෙදීයනවා.

සුපිරි කණ්ඩායම් දොලහේ වටයේ සෑම තරගයකම ජයග්‍රාහකයන් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනැමීමට නියමිතයි.