මළල ක්‍රීඩා කණ්ඩායමේ විනය විරෝධී හැසිරීම ගැන ත්‍රිපුද්ගල කමිටුවේ තීරණ

Monday, 11 October 2021 - 8:29

%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB
ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුගිය දිනක සුගතදාස හෝටල් පරිශ්‍රයේ නිරෝධායන කටයුතු සිදු කරන අවස්ථාවේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මාස 04ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම හා දේපල පරිහරණය තහනම් කර ඇති බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම පුහුණුකරුවන්ට හා කළමනාකරුවන් සඳහා මාස 06ක හා වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තිබෙනවා.  

පසුගිය දා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරඟයකට සහභාගී වී මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, පුහුණුකරු සහ කළමනාකරු මාතර - නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

කෙසේ වෙතත් එහි පවතින අඩු පහසුකම් හේතුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ අනාවරණයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අදාළ කණ්ඩායම සුගතදාස හෝටල් පරීශ්‍රයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොවුන් මෙලෙස විනය විරෝධී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.