දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ගිලිහෙයි

Monday, 11 October 2021 - 15:10

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ අවසන් තරගයත් පරාජයට

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟයද පරාජයට පත් වුණා.

මාලදිවයිනේ පැවැත්වෙන මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව ඊයේ තරඟ වැදුණේ මාලදිවයින් කණ්ඩායම සමඟයි.

තරගය නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ව සිටි අතර, එම තරඟය 01ට බින්දුවක් ලෙස මාලදිවයින් කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ 04න් 03ක්ම පරාජයට පත් වූ අතර ඉන්දියාව සමඟ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

රටවල් 05ක් ක්‍රීඩා කරන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ මාලදිවයිනයි.

දෙවන ස්ථානයේ සහ තුන්වන ස්ථානයේ පිළිවෙලින් නේපාලය සහ ඉන්දියාව පසුවනවා.