එල්.පී.එල්. මූලික තරග 20 ම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ

Wednesday, 13 October 2021 - 19:54

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+20+%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 20 ම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

තරගාවලිය දෙසැම්බර් 5 වනදා ඇරඹෙන්නේ ගියවර ශූරයන් සහ අනුශූරයන් බවට පත් වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයෙන්.

දෙසැම්බර් 3 වනදා සිට තරගාවලියට අදාල පුහුණුවීම් ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ ඇති විශේෂත්වයක් වන්නේ අවසන් කණ්ඩායම් හතර අතර තරග වටයට පිළිමලුන් පිටුදැකීමේ තරගයකට අමතරව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමයි.

මූලික වටයේ වැඩි දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරගවලදී සිදුවිය හැකි අසාධාරණය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

අවසන් මහා තරගය දෙසැම්බර් 24 වනදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.