රවී ශාස්ත්‍රිගේ වගකීම රාහුල් ඩ්‍රාවිඩ්ට

Saturday, 16 October 2021 - 13:55

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%A7
ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම එරට දෙවන පෙළ කණ්ඩායමේ පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

48 හැවිරිදි ඔහු ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙසයි සැළකෙන්නේ.

ඉන්දියානු ඒ කණ්ඩායමේ සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහුගේ මග පෙන්වීම යටතේ රිෂාබ් පාන්ට්, අවේශ් ඛාන්, ප්‍රිත්වි ෂෝ, හනුමා විහාරි සහ ෂුක්මන් ගිල් වැනි අතිදක්ෂ නවක ක්‍රීඩකයන් රැසක් පසුගිය වසර හය තුළ ඉන්දීය පිලට එක්වුණා.

රවී ශාස්ත්‍රි ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් රාහුල් ඩ්‍රාවිඩ් ට එම තනතුර ලබාගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි සහ ලේකම්වරයා විසින් ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.

එම තනතුර ද මුලදී ප්‍රතික්ෂේප කළද ඩ්‍රාවිඩ් එය භාරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.