ඕමානයට කඩුලු 10ක ජයක්

Sunday, 17 October 2021 - 20:09

%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+10%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕමානයේදී අද ඇරඹි 2021 ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ පළමු වටයේ ආරම්භක තරඟයේදී පැපුවානිව්ගිනියා කණ්ඩායම පරදවා කඩුලු 10ක ජයක් ලැබීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමු පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 129ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 13යි පන්දු 4ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවීයි.

ලෝක කුසලාන පන්දුවාර විස්ස තරඟාවලියේ පළමු වටයේ දෙවන තරඟය බංග්ලාදේශය සහ ස්කෝට්ලන්තය අතර පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් රාත්‍රි 7.30ට ආරම්භ විමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය හෙට නැම්බියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.