අත්අඩංගුවට ගත් යුවරාජ් ඇප මත නිදහස්

Monday, 18 October 2021 - 10:35

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ඇප මත මුදාහැර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ඉන්දීය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩකයෙකුට කුලවාදී අපහාසයක් සිදු කළ බවට ලද පැමිණිල්ලකට අනුවයි.

ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල්ට එරෙහිව යුවරාජ් සිං විසින් මෙලෙස අපහාස කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ වීඩියෝවක යුවරාජ් සිං විසින් යුස්වේන්ද්‍ර චහාල්ට මෙලෙස අපහාස කර තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන යුවරාජ් මේ සම්බන්ධයෙන් මීට පෙර සමාව අයැද සිටි අතර, ඉන්දීය කණ්ඩායමේ පිතිකරු රෝහිත් ෂර්මා සමඟ 2020 වසරේ ජූනි මාසයේ දී අදාල වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් හි සජීවී වීඩියෝ ලෙස ප්‍රචාරය වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟ මේ සම්බන්ධයෙන් පුළුල් කතා බහක් මතු වුණා.