අද තරගයට ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නැහැ

Wednesday, 20 October 2021 - 13:11

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය සඳහා මීට පෙර නැමීබියාව සමඟ පැවති පළමු තරගයට සහභාගී වූ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ පළමු තරගයේදී ලද අත්දැකීම් සමග කණ්ඩායම අද දෙවන තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවයි.

අයර්ලන්තය සමග අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

ඊට පෙර නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය පස්වරු 3.30ට ආරම්භ වනු ඇති.