ඇමරිකාව, චීනයේ සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමේ සූදානමක

Friday, 19 November 2021 - 7:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%AD+%E0%B6%8D%E0%B6%AD%E0%B7%94+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
ලබන වසරේ චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම පිළිබඳව ඇමරිකාවේ අවධානය යොමුකර තිබෙනවා.

එවැනි රාජාතාන්ත්‍රික පියවර පිළිබඳව සළකා බලමින් සිටින බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

මෙක්සිකෝවේ සහ කැනඩාවේ නායකයන් සමඟ සාකච්ඡාවකට පෙර ඔහු මේ බව කියා සිටියේ, චීන - ඇමරිකා සබඳතාවල උණුසුම් වාතාවරණයක් පවතිද්දියි.

ජනපති බයිඩ්න් පසුගිය සඳුදා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ප්‍රථම ඍජු සාකච්ඡාවට එක්වුණා.

විශේෂයෙන් ෂින්ජියැන් ප්‍රාන්තයේ උයිගූර් මුස්ලිම්වරුන් කෙරෙහි සමූල ඝාතන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරන ඇමරිකාව, ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට සැරසෙන්නේ මානව හිමිකම් මුල් කරගනිමින්.