ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටත් කොරෝනා

Friday, 19 November 2021 - 7:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මට්ට කොරෝනා ආසාදනය වීම නිසා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මෙන්ම භෞත චිකිත්සක බ්‍රෙට් හාරොප් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය අනිද්දා ගාල්ලේදී ආරම්භවීමට නියමිත අතර, කාර්ය මණ්ඩලයේ කොරෝනා ආසාදනය ඒ සඳහා බල නො පාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළා.