චීන ලෝක ශූරිය පෙන් ෂුවායි අතුරුදන්වීම පිළිබඳව ටෙනිස් ලෝකය කැළඹෙයි

Friday, 19 November 2021 - 10:42

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු චීන උප අග්‍රාමාත්‍ය ෂන් ගෙයෝලි වෙතින් ලිංගික අපහරණයට ලක්වූ බවට චෝදනා කිරීමෙන් පසු හිටපු චීන ටෙනිස් ලෝක ශූරිය පෙන් ෂුවායි පිළිබඳ තොරතුරක් නොමැතිවීම පිළිබඳ ටෙනිස් ලෝකය කැළඹී තිබෙනවා.

35 හැවිරිදි පෙන් ෂුවායි, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දෙකක් ජයග්‍රහණය කර ඇති අතර, යුගල ටෙනිස් තරගවල ලොව අංක එකේ ක්‍රීඩිකාව ලෙස ප්‍රකටයි.

විම්බල්ඩන් සහ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලි යුගල අංශයෙන් ජයග්‍රහණය කළ ඇය, 2014 ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, 2020 වසරෙන් පසු ජාත්‍යන්තර තරගවලට සහභාගි වී නැහැ.

දැනට 75 වන වියේ පසුවන හිටපු චීන උප අග්‍රාමාත්‍ය ෂන් ගෙයෝලි තමා බලහත්කාරයෙන් ලිංගික සබඳතාවලට යොදාගත් බවට චීන ටෙනිස් ලෝක ශූරිය පෙන් ෂුවායි හෙළිදරව් කළේ වෙයිබෝ චීන සමාජ මාධ්‍ය ඔස්සේයි.

කෙසේ නමුත් චීන රජයේ අන්තර්ජාල මෙහෙයවන්නන් එය කඩිනමින් ඉවත් කළ අතර, ඉන් පසු පෙන් ෂුවායි පිළිබඳ හෝඩුවාවක් හෝ චීන සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේ නැහැ.

මේ නිසා ඇය පිළිබඳව මෙන්ම ඇය එල්ල කරන චෝදනා පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් ජයග්‍රහණය කළ ඇමරිකානු ටෙනිස් ශූරී ෂෙරීනා විලියම්ස් ප්‍රකාශ කළේ.

පෙන් ෂුවායිගේ ආරක්ෂාව පිළිබඳව ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් මෙන්ම ජපානයේ නයෝමි ඔසාකා ඇතුලු ටෙනිස් ලෝකයේ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනස්සල්ල පළ කළා.