ටෙස්ට් තරග 200 ක තරග තීරකයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා රන්ජන් මඩුගල්ලේ

Sunday, 21 November 2021 - 13:36

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+200+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 61ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් ලබා සිටින අතර, පැතුම් නිස්සංක නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 25ක්.

මෙම තරගයේදී තරග තීරක ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ ටෙස්ට් තරග 200ක තරග තීරකයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට පත්වනවා.

එමෙන්ම මිකී ආතර්, ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් තරගාවලිය ද මෙයයි.