ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 03ක් දැවී ලකුණු 267ක්

Sunday, 21 November 2021 - 20:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+267%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය සඳහා අද තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 03ක් දැවී ලකුණු 267ක් රැස් කරගෙන සිටිනවා.

අඟනා ඉනිමක් ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132යි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් ඔහුට මහත් සහයක් ලබා දෙනවා.

එමෙන්ම පැතුම් නිශ්ශංක ලකුණු 56ක් ලබා ගත්තා.

මේ අතර, මෙම තරඟයේ දී පන්දුව ආරක්ෂක හිස් වැසුමේ වැදීමෙන් කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු රෝහල් ගත කර තිබෙනවා.

තරඟයේ විසි තුන්වන පන්දු වාරයේ හරතවන පන්දුවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙරම් සොලොසනෝගේ ආරක්ෂක හිස් වැසුමේ වැදීමෙනුයි ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත්තේ.