ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි

Monday, 22 November 2021 - 12:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
දෙවැනි දිනයේ දිවා ආහාර සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 341 ක් ලබා සිටියා.

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු තරගය දෙවැනි දිනය සදහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267ක්.

සිව් වැනි කඩුල්ලට ලකුණු 111ක සබදතාවයක් එක් කල දිමුත් සහ ධනංජයගේ එම සබදතාව බිද වැටුනේ ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස හිට් විකට් වීමකින් දැවී යාමත් සමගයි.

ඒ වනවිට ඔහු ලකුණු 61ක් ලබා සිටියා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවී ගියා.