ජෙරමි සොලෝසානෝ පැය 24ක වෛද්‍ය නිරීක්ෂණයෙන් පසුව රෝහලෙන් පිටත් කෙරෙයි

Monday, 22 November 2021 - 17:41

%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය මංගල ටෙස්ට් තරගයේදීම පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමේ ජෙරමි සොලෝසානෝ පැය 24ක වෛද්‍ය නිරීක්ෂණයෙන් පසුව රෝහලෙන් පිටත් කර හැරීමට තීරණය කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොමැති බවයි.

කෙසේ වෙතත් ජෙරමි සොලෝසානෝ රෝහල්ගත කර සිදු කළ පරීක්ෂණවල දී ඔහු අදාළ සිද්ධිය හේතුවෙන් කම්පනයට පත්ව ඇති බව තහවුරු වී ඇති බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීති අනුව කම්පනයට පත් වූ ක්‍රීඩකයකු වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙත යොමු කෙරුණා.

ඒ අනුව‍යි දැනට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ජෙරමි සොලෝසානෝ වෙනුවට ෂායි හෝප් පත්කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ල විසින් අනුමැතිය ලබා දී ඇත්තේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කම්පන ආදේශන රීතියට අනුකූලවයි.

කෙසේ වෙතත් මෙලෙස රෝහලෙන් නැවත හෝටලය වෙත පැමිණෙන සොලෝසානෝ තවත් සතියක කාලයක් වෙන්ව නිරෝධායනයට ලක් කරනු ඇති.

ඉන් අනතුරුව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව ඔහු නැවතත් බටහිර ඉන්දීය කොදෙව් ජෛව බුබුල ට ඇතුළත් කරනු ලබන්නේ.