LPL 2021 තරග නැරඹීමට සීමිත පිරිසකට අවසර

Tuesday, 23 November 2021 - 14:19

LPL+2021+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සීමිත ප්‍රේක්ෂකයින්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අදාළ අනුමැතිව හිමි වූ බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 5 වනදා ආරම්භ වන අතර එහි අවසන් මහා තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.