ඔමික්‍රොන්, දකුණු අප්‍රිකා - නෙදර්ලන්ත තරග කල් දමයි

Sunday, 28 November 2021 - 7:40

%E0%B6%94%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ඔමික්‍රොන් කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්ති අවදානමත් සමග දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිත 2 වන සහ 3 වන එක්දින තරග ද කල් දමා තිබෙනවා.

සෙන්චූරියන්හි දී මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ කොටසක් ලෙසයි.

නව කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේ හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගය ඊයේ (27) අවලංගු කෙරුණා.