LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

Sunday, 05 December 2021 - 9:58

LPL+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන කලාපය අදින් (05) ඇරඹෙනවා.

කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරඟාවලියේ මූලික වටයේ තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරඟය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

50%ක ප්‍රේක්ෂක ධාරිතාවයකින් තරඟ නැරඹීමට ද අවසර හිමිවන අතර, දෙසතියකට පෙර කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට ඊට අවස්ථාව ලබාගත හැකියි.

තරගාවලියට එක්වන ක්‍රීඩකයින් ජෛව බුබුළක රැඳවීමට පියවර ගැනුණු අතර, එක් එක් කණ්ඩායම සඳහා වෙන් වෙන් වශයෙන් වෛද්‍යවරුන් පත් කර තිබීම ද විශේෂත්වයක්.