යොවුන් ලෝක කුසලානය දිනූ ඉන්දීය පිලට මුදල් ත්‍යාග

Sunday, 06 February 2022 - 14:50

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C
යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් පිලට මුදල් ත්‍යාග පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සෑම ක්‍රීඩකයෙකුටම ඉන්දීය රුපියල් හතලිස් ලක්ෂය බැගින් ලබාදීමටයි කටයුතු කෙරෙන්නේ.

ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (05) පැවති අවසන් තරගයේදී එංගලන්තය පරදවා කඩුලු 4 ක ජයක් ලබමින් ඉන්දියාව හිමිකර ගත්තේ 5 වන යොවුන් ලෝක ක්‍ර්‍රිකට් කුසලානයයි.

මේ අතර, ඊයේ පැවති අවසන් තරගයේදී ඕස්ටේ්‍රලියානු කඩුලු 5 ක් ලකුණු 31 කට දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ඉන්දීය පිලේ රාජ් බාවා 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව වෙනුවෙන් රන්පදක්කම් දිනූ හොකී කණ්ඩායමේ සාමාජිකයෙකු වන තාර්ලෝචන් සිං බාවා ගේ මුනුපුරෙකු බව අනාවරණ වී තිබෙනවා.