පීටර් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

Monday, 20 June 2022 - 19:39

%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර හතරක කාලයක් නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පීටර් සීලර්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර යළි පිටකොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

වසර 17ක් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙන්ම විස්සයි විස්ස තරගවලදී නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයාද වන්නේ පීටර් සීලර්.