නෙදර්ලන්තයට තියුණු ජයක්

Sunday, 16 October 2022 - 17:32

%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති අද (16) තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනු එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ.

ඒ අනුව, පිටියට පිවිසි එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 111ක් ලබාගත්තා.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් මුහම්මද් වසීම් ලකුණු 41ක් රැස් කළ අතර වී අරවින්ද් ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3ක්ද ෆ්‍රෙඩ් ක්ලැසන් කඩුලු 2ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 112ක් රැස්කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර කළා.