අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තුන්වැනි දිනය අදයි.
මෙවර අවසන් සටන සඳහා කොළඹ ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසියා.
කොළඹ එස්.එස්.සි පිටියේදී ක්‍රියාත්මක වන අවසන් තරගයේ දෙවැනි දින අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොළඹ ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා ගෙන සිටියා.
මිනෝද් භානුක නොදැවී ලකුණු 72යි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සියල්ලන් දැවී ලකුණු 558ක් ලබා ගත්තා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල නායක සධීර සමරවික්‍රම ලකුණු 188ක් ලබා ගත්තේ හතරේ පහර 18කින් සහ එක් හයේ පහරක්ද සමඟින්.
ඉසුරු උදාන ලකුණු 88යි.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් අතරේ කඩුලු 4 බැඟින් බෙදී ගියා.
ඒ අනුව කොළඹ ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 409ක් පසුපසින් සිටිනවා.