සංචාරක එංගලන්තය සමග පැවති තරඟාවලිය තුනට බින්දුවක් ලෙස බංග්ලාදේශයට ජය

Wednesday, 15 March 2023 - 8:21

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ තුන්වන සහ අවසන් තරඟය ලකුණු 16කින් ජය ගනිමින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුළු 2ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුළු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.